free hit counter

‘පනත මරන්න’ ලන්ඩන් නුවර පොලිස් පනතකට එරෙහිව පෙළපාලි

එක්සත් රාජධානියේ බොහෝ දෙනෙක් නීති රීති උල්ලංඝනය කරමින් මතභේදාත්මක නීතිවලට එරෙහිව පෙළ ගැසී සිටිති. පෙලපාලිවලට සහභාගි නොවන ලෙස ලන්ඩන් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ලන්ඩන් ඇතුළු එංගලන්තයේ සහ වේල්සයේ නගර 25 ක විරෝධතා පැවැත්විණි.

“පොලිස්, අපරාධ, දඬුවම් සහ උසාවි පනත් කෙටුම්පත” ලෙස හැඳින්වෙන මතභේදාත්මක යෝජිත ව්‍යවස්ථාව ගැන සඳහන් කරමින් ‘අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න’ සහ ‘පනත මරන්න’ යනුවෙන් පුවරු රැගෙන අගනුවර හයිඩ් පිටියේ සිට ජනතාව පෙළපාළි ගියහ.

Facebook Comments