free hit counter

එක්සත් ජනතා නිදහස් සංධානයේ නව නායකත්වය විමල් වීරවංශට

ආණ්ඩුව ඇතුළේ පොහොට්ටුවට හා බැසිල් පාර්ශවයට එරෙහි කණ්ඩායම් වල සහයෝගිතා දේශපාලනය තවත් ශක්තිමත් කරමින් එළෙඹෙන මයි දිනයේදී ඒකාබද්ධ මැයි රැළියක් පැවැත්වීම පිළිබඳ සාකච්ඡා ක්‍රියාත්මක වෙන අතර එළෙඹෙන පළාත් සභා මැතිවරණය වෙනුවෙන් මෙම කණ්ඩායම වෙනම තරඟ කිරීමේ සූදානමක් පවතී.

ඒ අනුව එළඹෙන පළාත් සභා මැතිවරණයට මෙම කණ්ඩායම එකසත් ජනතා නිදහස් සංධානය යටතේ තරඟ කිරීම සුදුසු බව ජාතික සංවිධාන වල හිමිවරු දන්වා ඇති බව වාර්තා වේ. ඒ අනුව දැනට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නායකත්වය දරණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වය විමල් වීරවංශට ලබා දී එළෙඹෙන පළාත් සභා මැතිවරණයේදී පොහොට්ටුවට වඩා ඉහළ ඡන්ද ප්‍රමාණයක් ලබා ගතයුතු බව මෙම නව සංධානය හා එයට නායකත්වය දෙන ජාතික සංවිධාන වල හිමිවරු සමග පැවති අභ්‍යන්තර සාකච්ඡා වලදී තීරණය වී ඇති බව වාර්තා වේ. මේ පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති නමුත් මෙම තීරණය අනුව ඉදිරියේදී ජාතික සංවිධාන ක්‍රියා කරනු ඇතිබවට අභ්‍යන්තර තොරතුර පෙන්වා දේ.

Facebook Comments