free hit counter

පාස්කු වාර්තාවට අනුව දඬුවම් දෙන්නේ කාටද නිර්දේශ හෙට ජනපති අතට

අප්‍රේල් 21 ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයට පත් කළ අමාත්‍ය අනු කමිටුවේ වාර්තාව හෙට(05) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දීමට නියමිත බව වාර්තා වේ.

එම කමිටුවේ ලේකම් ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්තා රෝහණධීර පවසන්නේ, කමිටු වාර්තාව මේ වනවිට සකස් කර අවසන් බවයි.

මෙම අමාත්‍ය අනු කමිටුව අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුව නිර්දේශ කළ කරුණු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද අධ්‍යයනයක නිරත විය.

Facebook Comments