free hit counter

හිටපු ජනපති සිරිසේන අත් අඩංගුවට ගන්න- කාදිනල් හිමි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නිර්දේශ ලබා දී ඇතිබැවින් වහා නීති මගින් කටයුතු කරන ලෙස මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පවසති.

නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කිසිඳු බලපෑමක් නොමැති බැවින් ඒවා ඉක්මණින් ක්‍රියාත්ම කිරීම රජයේ වගකීම බව උන්වහන්සේ පවසනවා.

හිටපු ජනාධිපතිවරයා නැවත ඡන්දේ ඉල්ලන හදන්නේ ඇඳුම් ඇඳගෙන යනුවෙන් උන් වහන්සේ විමසා සිටිනවා. මෙවැනි පුද්ගලයෙක් දේශපාලන පක්ෂයක නායකයෙක් වන්නේ කෙලෙසද යන්න ගැන තමන්ට පුදුමයක් ඇති බවත් කාදිනල් හිමියන් අද (04) පාස්කු ඉරිදා දේව මෙහෙයට එකතු වෙමින් පැවසූහ.

Facebook Comments