free hit counter

දකුණේ මහ ඇමතිකමට නිපුන රණවක ගෙන්න රාජපක්ෂ පවුලෙන් යෝජනාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රි මෙන්ම මාතර දිස්ත්‍රක් සංවර්ධන කමිටු සභාපති නිපුන රණවක දකුණු පළාත් මහ ඇමති ධූරය සඳහා පත්කළ යුතු බව පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි පවසනවා.

නිපුන රණවක පිළිබඳ මාතර දිස්ත්‍රක්කයේ ජනතාව විශාල ප්‍රසාදයක් තිබීමත්, දකුණු පළාත් සභාව දිනා ගැනීම පොහොට්ටුවට පහසු වීමත් නිසා දේශපාලනයට තරුණයන් ගෙන ඒම සංකේතවත් කරමින් නිපුණ දකුණු පළාත් මහ ඇමති අපේක්ෂකයා ලෙස පත් කල හැකි බව සාකච්ඡා වී තිබේ.

මහ ඇමතිවරයෙකුට කැබිනට් ඇමතිවරයෙකුගේ බලතල ලැබීම හා දකුණු පළාතේම රාජපක්ෂ බලය තවත් ඉහළ ගෙන යාමට නිපුණ වැදගත් වැඩ කොටසක් සිදු කරනු ඇති බව බැසිල් රාජපක්ෂ විශේෂයෙන්ම විශ්වාස කිරීම මෙවැනි තීරණයක් ගැනීමට හේතු වූ බව වාර්තා සඳහන් කරනවා.

Facebook Comments