free hit counter

“කොළඹ වරාය නගරය” හොංකොං මෙන් ස්වාදීන කළාපයක් විය හැකිය

කොළඹ වරාය නගරයේ ගණිකා වෘත්තිය නීතිගත කරන්නේද සහ කැසිනෝ සඳහාද අවසර ලබා දෙන්නේද යන්න සමගි ජන බලවේගය අද ප්‍රශ්න කළේය.

සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක නිලධාරි අජිත් පෙරේරා මාධ්‍ය හමුවකදී කියා සිටියේ ලෝකයේ කැසිනෝ ශාලා පවතින සෑම තැනකම ගණිකා වෘත්තිය නීත්‍යානුකූල බවයි. කොළඹ වරාය නගරයේද තත්වය එසේමයදැයි ඔවහු ප්‍රශ්න කළේය.

කොළඹ වරාය නගරය පරිපාලනය කිරීම සඳහා ආයතනයක් පිහිටුවීමට නිකුත් කර ඇති ගැසට් පත්‍රය පිළිබඳව නැවත සොයා බලන ලෙස පෙරේරා රජයෙන් ඉල්ලා සිටියේය. මෙම පනත මගින් වරාය නගරය වෙනම පරිපාලන ඒකකයක් බවට පරිවර්තනය කරනු ඇති බව ඔහු සඳහන් කළේය.

“මෙය හොංකොං සහ චීනයට සමාන වනු ඇත,” පෙරේරා  පැවසීය.

“නගරය තුළ මහල් නිවාසවල වෙසෙන ජනතාවට නව නීති මාලාවක් ඇති අතර දැනට පවතින නීති කොළඹ අනෙකුත් වැසියන්ට අදාළ වේ.”

පෝර්ට් සිටි වෙත නීති හා රෙගුලාසි පැනවීමේදී රජය භූගෝලීය දේශපාලන තත්ත්වය පිළිබඳව සොයා බැලිය යුතු බව ඔහු පැවසීය.

Facebook Comments