free hit counter

බංගලි කුසුම රොක්සානා බෙගම්

ඇය දෙ ලොවක අතරමං වූ ස්ත්‍රියක විය.වයස අවුරුදු 37 ක් වන රුක්ශානා බෙගම් බංග්ලාදේශය තුල ඇයගේ අනන්‍යාතාවය ගොඩ නගා ගැනීමට දරූ ප්‍රයත්නය විසින් ලෝක ශූරියක බවට පත්ව තිබේ.

නව දෙනෙක්ගෙන් යුතු පවුලක දියණියක වූ බෙගම් “බෙත්නල් ග්‍රීන්” හි කාමර තුනකින් යුතු වූ නිවසක දෙමව්පියන් සහ සහෝදරයින් සමග ජීවත් වුයේ සාම්ප්‍රදායික බංග්ලාදේශ පවුලක ආදර්ශයන්ට අනුව යමිනි.පාසලේ වේගවත්ම ශිෂ්‍යාව බවට පත් වූ බෙගම් පාපන්දු ක්‍රීඩාවට දැක් වූ දක්ෂතාව ත්, කැමැත්තත් වයස අවුරුදු දහය පසුවීමත් අවසන් වන්නේ පිරිමි ළමුන් සමඟ සෙල්ලම් කිරීම සහ ක්‍රීඩාපිටිය වෙත යාම ගැන මව විසින් ගෙන එනු ලබන විරෝධය මතිනි.

දිනක් නිවසට පැමිණි බෙගම් ගේ මාමා කෙනෙකු වන සූරත්, “බෘස් ලී” සටන් වදින තරගයක් නරඹමින් සිටිනු දකින සත් හැවිරිදි බෙගම්, රූපවහිනියේ දුටු ඒ, හුරුබුහිටි මිනිසාගේ වේගයත්,නිදහසත් අතර ගැබ් වූ සටන්කාමි ක්‍රීඩාව දෙස ආසක්තව බලා සිටින්නට විය.

තම සිත් වසඟයට ගත් මේ ක්‍රීඩාව ගැන ලෝලත්වයෙන් කල් ගත කල බෙගම්, තමන් කවදා හෝ මෙය උගනෙමි යි, යන අධිෂ්ඨානශීලී සිත් ඇතිව කවුළුවෙන් අහස දෙස බලා සුසුම් හෙළූ වාර අපමණ ය.

image.png

තම සොහුරන් දෙදෙනා සහ නැගණිය සමග

පාසලේ දැන්වීම් පුවරුව තුල “කික් බොක්සින්” ක්‍රීඩා පුහුණුව ගැන දැන්වීම දුටු බෙගම් ගේ සිත පිනා යන්නේ එය තම අධ්‍යන කටයුතුවලින් අනතුරුව පැවැත්වීමෙන් නිවස වෙත ඒ තොරතුර සන්නිවේදනය නොවීමත් , තමන් එයට බදවා ගැනීමට පුහුණුකරු ගේ තිබු කැමැත්ත ත් නිසාවෙනි.

“එය ඇත්තටම යම් නිශ්චිත මොහොතක කායික සහ මානසික තත්වයන් වල ඇති කල වේගවත් බව, අවධානීය බව සහ ප්‍රවේගකාරී බවින් මාව විස්මයට පත් කළා,ජීවිතයේ ඝෘනාත්මක දෙයින් මාව ඈත කර තැබුවා. ”

එයින් වසර විස්සකට පසුව ඇය අද ඉතා සැහැල්ල සිතින් ප්‍රකාශ කර සිටින්නේ “මු ආ තායි”.ලෝක ශුරිය බවට පත්වෙමිනි.

වර්ෂ 2006 දී විසි දෙවෙනි වියට පා තැබූ ඇය “සැලසුම් නිර්මාණ තාක්ෂණය” පිළිබඳව “වෙස්ට්මිනිස්ටේර්” විශ්ව විද්‍යාලයෙන්
තම උපාධිය සම්පුර්ණ කරන්නී ය. දෙමව්පියන්ගේ බලවත් ඉල්ලීම මත විවාහ පත් වන ඇය ගේ විවාහ ජීවිතය කෙටි කලකින් අවසානයට පත් වෙයි.
බොහෝ කලක් පවතින හදිසි සිහි මුර්ජාවන්ට නිරන්තරව පත්වන ඇය “chronic fatigue syndrome” නම් රෝගයෙන් පීඩා විදි අතර එහි ප්‍රමුඛතම ලක්ෂණය වන්නේ තමන්ගේ වැඩ නිවැරදි පිළිවෙළට සිදු කර ගැනීමට නොහැකි වීමත්,දීර්ඝ කාලයක් ගෘහස්ථ ව හෝ සායනගතව අවතැන් ව සිටීමත් ය.
තම මානසික හා ශාරීරික ආතතීන් පසෙක දමා යළි පුහුණුවීම් සහ රැකියා කටයුතු වලට ප්‍රවිෂ්ඨ වෙමින් 2009, බැංකොක් හි දී පැවති ආධුනික කික් බොක්සින් ලෝක ශුරතාවලියේ දී ලෝකඩ පදක්කමක් දිනා ගන්නේ ඇයගේ වීර්යාභිමුඛ අධිෂ්ඨානය බංග්ලාදේශය වෙත තිලිණ කරමිනි.
2010 (Muay Thai British title).බ්‍රිතාන්‍ය “මු ආ තායි” තරගාවලිය ජයගන්නා ඇය, එය ජය ගන්නා පළමු මුස්ලිම් කාන්තාව බවට වාර්තාවක් තබන්නේ බංග්ලාදේශ ජනතාවගේ සාම්ප්‍රදායික ඇස් ඇය දෙසට හරවමිනි.
ඇයගේ ගමනේ උච්චස්ථානය සනිටුහන් කරමින් ලෝක කික් බොක්සින් ශුරතාවලිය ජය ගනිමින් සමස්ත ලෝකයම බංග්ලාදේශය වෙත අවධ්නයට ගන්න ඇය මේ වනවිට ලෝක බොක්සින් ශුරීය වීමේ අභිප්‍රායෙන් බොක්සින් ක්‍රීඩාවට ප්‍රවේශ වී සිටී.
ස්ත්‍රියට වැඩි යමක් අපේක්ෂා නොකල හැකි සමාජයක උපන් ඇය, ලෝකය ම තම අණසකට ගන්නේ ද කිසිවෙකුත් ජයග්‍රහණය විශ්වාස නොකරන ගනයේ ක්‍රීඩාවකිනි.

“මම මගේ ජීවිතය සොයා ගත්තා” ඒ ඇගේ ජග්‍රහණයේ සටහනයි.

රොක්සානා බෙගම් යනු,

ආගම් භේදය,ලිංග භේදය සහ විපරීත සමාජ සංස්කෘතික ප්‍රවාහයන් වලට එදිරි ව හුදකලා ස්ත්‍රියක් සිදු කල විප්ලවයකට උදාහරණයකි.

මේ සටහන ඔබ වෙනුවෙනි.

සමන්තිලක බණ්ඩාර –

Facebook Comments