free hit counter

හොරණ දේවස්ථානයකට ආ සැකකටයුතු දෙකක් අල්ලයි

හොරණ ශාන්ත ෆො‍‍රස්ට් දේවස්ථානයට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්ථා වෙනවා.

දේව මෙහෙය ආරම්භවී තිබියදී සැකකරුවන් දෙදෙනා යතුරුපැදියකින් දේවස්ථානයට පිවිසෙන මාර්ගය හරහා යාමට උත්සාහ කිරීමේදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා සන්තකයේ ජාතික හැඳුනුම්පත් නොමැති බවට අනාවරණ වී තිබෙනවා.

මන්නාරම සහ දික්ඔය පදිංචි සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 32 සහ 61 අතර පසුවන්නන්.

Facebook Comments