free hit counter

සමාජ මාධ්‍ය පාලනය කරන දැඩි නීති පාර්ලිමේන්තුවට

සමාජ මාධ්‍ය මගින් පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා කරන සහ චරිත ඝාතනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරිමට රජය තීරණය කර ඇත.මෙවැනි ක්‍රියා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් බවට ප්‍රකාශ කිරීමට අධිකරණ අමාත්‍යංශය කටයුතු කරගෙන යයි.

මේ සඳහා දණ්ඩ නීති සංග්‍රහයට අවශ්‍ය සංශෝධන ගෙන ඒමට කෙටුම්පත් සකස් කරගෙන යන බව අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටී.

දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට සමාජ සංවිධාන, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් රජයෙන් කරන ලද ඉල්ලීමක් අනුව මෙම නව නීති පැනවෙනු ඇත.

Facebook Comments