free hit counter

දේශපාලන කාරණයක් හේතුවෙන් ආණ්ඩුව අතහැරයාම ගෞරවයට හේතුවක් – අමරවීර, නිමල් සිරිපාල දෙදෙනාම කියති

පාලක ශ්‍රී ලංකා පොඩුජන පෙරමුන සන්ධානයේ පාර්ශවකරුවෙකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා එහි සාමාජිකයින්ට සහ ප්‍රාදේශීය නායකයින්ට නොසළකා හැරීම හේතුවෙන් ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බව බොහෝ සාමාජිකයන් නිදහස් පක්ෂයයට බලපෑම් කරනවා බව නව සාමාජිකයින් පත් කිරීමෙන් පසු පළමු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කමිටු රැස්වීමේදී සාකච්ඡා සිදුව තිබේ.

කිලෝමීටර් 100,000 ක මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ කිසිදු කොටසක් නිදහස් පක්ෂයේ සාමාජිකයන්ට නොපැවරීම පිළිබඳවද මෙහිදී කතා කොට තිබේ.

ඇමතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරාවීර පෙන්වා දෙන්නේ දේශපාලනික නොවන කාරණයක් පදනම් කරගෙන රජයෙන් ඉවත් වීමට තමන් සූදානම් නැති බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයෙන් ඉවත් වීමට තීරණය කළහොත් ඔවුන් ද එසේ කරනු ඇතැයි ඔවුහු පැවසූහ.

ඔවුන් දෙදෙනාම පවසා ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත්වීම දේශපාලන කාරණයක් බවත් දේශපාලන කාරණයක් හේතුවෙන් ආණ්ඩුව හැර යාම ඔවුන්ගේ පක්ෂ ආධාරකරුවන්ගේ ගෞරවයටත් හේතු වන බවයි.

Facebook Comments