free hit counter

” මෙච්චර කරලත් මිනිස්සු බනිනවා, මං හොඳටම වැටිලා ඉන්නේ ” ගෝඨාභය ගැන හෙළිවූ අලුත්ම රහස

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක අද (4) ගැටඹේ විහාරස්ථානය වෙත ගොස් නායක හිමියන් හමුවනා. ඒ අවස්ථාවේදී ගැටඹේ විහාරාධිපති හිමියන් ගෝඨාභය ආණ්ඩුවේ ක්‍රියා කලාපය පිළිබඳ දැඩි අප්‍රසාදය ප්‍රකාය කර සිටියහ.

මේ අවස්ථාවේදී අදහස් දැක් වූ එස්. බි දිසානායක.

පහුගිය දවස්වල ජනාධිපතිතුමා මම මෙච්චර දේවල් කරලත් මිනිස්සු මට බනිනවා, මං හොඳටම වැටිලා ඉන්නේ කියලා කිව්වා,

ලේකම්වරු ටිකත් හිටියා මම කිව්වා ජනාධිපතිතුමා අපි කියපු කිසිම දෙයක් වෙලා නෑ බලන්න අධ්‍යාපන අමාත්‍යාංශය දිහා පාසල් 1000 ක් හදනවා කිව්වා එකක්වත් නෑ.

GL පීරිස් කිසි වැඩක් කරන්නේ නෑ, කියා කිව්වේය. එසේම පළාත් සභා මැතිවරණයේදී දෙන්න කෙනෙක් නෑ UNP එක හයියට තිබ්බනම් මිනිස්සු හැරෙයි කියා ද පැවසුවේය.

මේ අවස්ථාවේදී අදහස් දක්වමින් ගැටඹේ විහාරාධිපති හිමියන් තමන් වහන්සේ මතක හිටින පාඩමක් ඉගෙන ගත් බවත් නැවත දේශපාලනය නොකරන බවත් ප්‍රකාශ කළහ.

Facebook Comments