free hit counter

පොදු අපේක්ෂකයා “විමල් වීරවංශ” – ආචාර්ය නිර්මාල් දේවසිරි හෙළිකළ රහස

මේ දිනවල විමල් වීරවංශ ඇමතිවරයා සම්බන්ධයෙන් දැඩි කතා බහක් ඇතිව තිබේ. ඒ ආණ්ඩුවේ ජාතිකවාදී මතයට එරෙහි ක්‍රියාකාරකම් වලට විමල් වීරවංශය ප්‍රසිද්ධියේම විරෝධය ප්‍රකාශ කිරීම හේතුවෙනි. විමල් සමග මේ වෙනුවෙන් එක පෙලට හිටගන සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන එම සඳහා කටයුතු කළ ජාතික සංවිධාන වල ස්වාමින්වහන්සේලා වීම සුවිශේෂී සිදුවීමක් ලෙස සැලකිය හැකිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නවතවතාවක් මැතිවරණය සඳහ ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් ඉඟි පලවී තිබියදී සහ අගමැති මහින්ද රාජපක්ෂගේ පිරිහෙන සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ආණ්ඩුවේ බල අර්බුධයක් නිර්මාණය වී තිබෙන්නේ එම හිස් තැනට බැසිල් රාජපක්ෂ පත්විය හැකි බවට අනාවැකි පලවීම හේතුවෙනි.

පොහොට්ටුවට සහය දැක්වූ බොහෝ කණ්ඩායම් බැසිල් රාජපක්ෂ බලයට පත්වීමට සිය අකැමත්ත ප්‍රකාශ කරමින් විමල් වීරවංශ වටා ඒකරාශීවෙමින් තිබේ. ඒ අනුව ජාතිකවාදී මතවාදයක් දරන පිරිස් විමල් සමග ජාතික සංවිධාන පෙරටු කර ගනිමින් නව දේශපාලන ව්‍යාපෘතියක ආරම්භ කර තිබෙන්නේ බැසිල්ට නැවත බලය ලැබීමෙන් තම අරමුණු කරා ගමන් කළ නොහැකි බව දන්නා නිසාය.

බැසිල් රාජපක්ෂ සැළකෙන්නේ ජාතිකවාදියෙකු ලෙස නොව ලිබරල් දේශපාලන මතයක් දරන්නෙකු ලෙසය. ඒ අනුව ඔහු සුළු ජාතික කණ්ඩායම් හා සහයෝගයෙන් වැඩ කටයුතු කරන ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායමේ නායකයා ලෙස පොහොට්ටුව මූලික කරගනිමින් නව දේශපාලන ක්‍රියාවලියක් ආරම්භ කර තිබේ. බැසිල්ට සහය දක්වන කණ්ඩායම් ජාතිවාදී අන්තවාදී නොවන දේශපාලන මතයක් මුල සිටම ඉදිරිපත් කර තිබේ.

මේ තත්ත්වය පිළිබඳ නිශ්චිත දේශපාලන දැනුමකින් කටයුතු කර මහාචාර්ය නිර්මාල් දේවසිරි මේ තත්ත්වයන් පිළිබඳ තම දැනුවත්භාවය ප්‍රකාශනයට පත් කරමින් මී ළඟ දේශපාලන වෙනස පිළිබඳ අනාවැකියක් ප්‍රකාශ කරමින් කියා සිටින්නේ මී ළඟ ජනාධිපතිවරණයේදී බැසිල් හා විමල් අතර තරඟයක් ඇතිවුවහොත් තමා බැසිල් පාර්ශවය ගන්නා බවයි. මේ හෙළිදරව්ව කරමින් ඔහු තබා ඇති සටහනකින් කියා සිටින්නේ ගෝත්‍රික, අන්තවාදී විමල් පාර්ශවය වෙනුවට තමන් බැසිල් පිළ තෝරා ගන්නා බවයි.

නිර්මාල් ගේ මෙම ප්‍රකාශය අතිශය වැදගත් වන්නේ 2015 යහපාලන ආණ්ඩුව ගෙන ඒම සඳහා කටයුතු කළ ඔහු මෛත්‍රිපාල සිරිසේන ජයගත් විගස ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය පත්වනු ඇති බව ප්‍රකාශ කිරීම නිසාය.

ඒ අනුව බැසිල් රාජපක්ෂට එරෙහිව එළෙඹෙන ජනාධිපතිවරණයේදී ජාතිකවාදී විමල් වීරවංශ පොදු අපේක්ෂකයා ලෙස කටයුතු කිරීමේ විභවතාවයක් ඇති බව සිහි තබා ගත යුතුය.

Facebook Comments