free hit counter

2019 අප්‍රේල් 21 වන ඉරිදා දෙවියන්ගේ පුත්‍රයා යළි පැමිණෙන්නට ඉඩ නො තබා ඝාතනය විය

බයිබලයේ අලුත් ගිවිසුමෙහි සදහන් ආකාරයට පාස්කු උත්සවය පසුබිමෙහි ඇති කතාව යේසුස් ක්‍රිස්තුන් තමන් දෙවියන්ගේ පුත්‍රයා බව පැවසීම නිසා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව දින තුනකට පසු කුරුසියේ ඇණ ගසා ඝාතනය කිරීමත් ඔහුගේ යලි නැගී සිටීමත් නිරූපණය සහ සැමරීමයි.

රෝම අධිරාජ්‍යයා ගේ අණසක හේතුවෙන් පොන්තියස් පිලෙට් විසින් යේසුස් ක්‍රිස්තුන් තමන් දෙවියන්ගේ පුත්‍රයා බව පැවසීම නිසා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව දින තුනකට පසු කුරුසියේ ඇණ ගසා ඝාතනය කෙරිණි.
පාස්කු ඉරිදා වෙන් වන්නේ දවියන් වහන්සේගේ පුත්‍රයාගේ යළි පැමිණීමට යි.

2019 අප්‍රේල් 21 වන ඉරිදා දෙවියන්ගේ පුත්‍රයා යළි පැමිණෙන්නට ඉඩ නො තබා ඝාතනය විය.

ඒ රාජ්‍යයේ ඒකාධිපති ඉදිරියේ ය.

දෙවසරක් ගත වුවද මෙතෙක් දෙවියන්ගේ පුත්‍රයාගේ ඝාතනයට සාධාරණයක් ඉටු නොවන්නේ ඒකාධිපතියා රුවෙන් මිස බලයෙන් වෙනස් නොවූ නිසාම ය.

පොන්තියස් පිලට් දුර්වල පාලකයෙකි.

ඔහු යේසුස් වරදකරුවෙක් නොවන බව දැන දැනම කුරුසියේ ඇණ ගසා ඝාතනය කරන්නට ඉඩ ලබා දුණි.
හිටපු ඒකාධිපතියා ද දුර්වල ය.

ඒ දැන්, මිනිසුන් කියන අයුරින් ය.

කිරුළ අහිමි වුවද , වරද කළද, නොකළද ඔහු දෙවියන්ගේ පුත්‍රයාගේ ඝාතනයට වග කිව යුතු නොවන බව දෙවියන්ට පසක් වී අවසන්ය.

හේතුව,ඒකාධිපතියා වෙනස් වී නොමැති බැවිණි.

දැන්, දෙවියන් වහන්සේ ද, ඝාතකයා අත් අඩංගුවට ගන්නට බල කරයි.

පොන්තියෙස් පියෙට් යේසුස් ඝාතනයට ඉඩ දෙන්නේ අධිරාජ්‍යයාට අවනත බියකිනි.

“The Romans make a desert and they call it peace ”

මෙය රෝමයේ පාලකයින් පිලිබඳ පුරාතන පාඨයකි.

එය මේ ප්‍රබන්ධයට නිවැරදිව ගැළපෙයි.

දෙවියන් වහන්සේගේ පුත්‍රයාගේ ඝාතනය පිලිබඳ අවනත වූ බිය, පැන නැගිය හැකි මාවත ද දෙවියන් වහන්සේ හොදින් දනී.

එසේ නම් මෙහි අධිරාජ්‍ය යා කවරෙක් ද ?

දරුවනි, යළි දෙවියන් වහන්සේගෙන් අසනු මැනවි!

ඒ ,ආරංචිය දෙවියන් වහන්සේගේ දුතයාට කියනු මැනවි !

Facebook Comments