free hit counter

හිරු TV ගෝඨාභයගෙන් ගැළවෙයි

පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අතිශය සමීප රූපවාහිනී නාලිකාවක් ලෙස ප්‍රසිද්ධියට පත්වූ හිරු මාධ්‍ය ආයතනය පොදුජන පෙරමුණට සිය සහයෝගය ලබා දීම නතර කොට ඇති බව විශ්වාසනීය ආරංචිමාර්ග දන්වා සිටි.

මේ සිදුවීම සඳහ ප්‍රධාන හේතුව වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ දෙරණ දිලිත් ජයවීර සමග සමීප සම්බන්ධතා පවත්වමින් කටයුතු කිරීමත් අවම වශයෙන් දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීම සඳහා මෙතෙක් කටයුතු නොකිරීමත් බව වාර්තා වේ.

ජනාධිපතිවරයාද මේ පිළිබඳව පසුගිය දා අවසන් වූ ගම සමග පිළිසඳර වැඩසටහනක දී කියා සිටියේ ජාතිකවාදී කියාගන්නා රූපවාහිණි නාළිකාවක් තමන්ට එරෙහිව කටයුතු කිරීමට පටන්ගන ඇති බව පවසමිනි.

ගෝඨාභයගේ අතිශය සමීප හිතවතෙකු ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙසද කටයුතු කළ දුමින්ද සිල්වාට සමාව නොදීම පිළිබඳ පොහොට්ටුවට සම්බන්ද බොහෝ දෙනා විමතිය පළ කර තිබේ.

Facebook Comments