free hit counter

ලංකාවේ වන විනාශය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිල්ලක්

වනාන්තර විනාශය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ පරිසරය සම්බන්ධව ක්‍රියා කරන්න සෙසු ජාත්‍යන්තර සංවිධාන වලට දැනුම් දීමට ද වනාන්තර විනාශයට එරෙහිව නඩු පැවරීමට ද එක්සත් ජාතික පක්ෂය අදහස් කර සිටින බවද වික්‍රමසිංහ කියයි.

එක්සත් ජාතික පක්ෂයේ හරිත ආර්ථික ප්‍රතිපත්තිය එළි දැක්වීම වෙනුවෙන් නුගේගොඩ පැවැති තරුණ හමුවකදී රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කරයි

වන විනාශය පිළිබඳ ප්‍රශ්නය දේශපාලනීකරණය නොකළ යුතු බවත් ගැටලුව පක්ෂවල ප්‍රතිරූපය ගොඩනගා ගන්නට පාවිච්චි කළ යුතු මාතෘකාවක් ද නොවන බවත් වන විනාශයට එරෙහිව මූලික වැඩ කටයුතු කළ යුත්තේත් ඉදිරියට පැමිණිය යුත්තේත් රටේ ජනතාව බව ද ඔහු කීය.

වනාන්තර ආරක්ෂා කිරීම සඳහා පනත අනුමත කළ ⁣ජේ.ආර් රජයේ 1988 කැබිනට් මණ්ඩලයේ සිටි සාමාජිකයෙක් ලෙස මේ පිළිබඳව කතා කිරීමට තමාට විශේෂ අයිතියක් තිබෙන්නේ යැයිද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Facebook Comments