free hit counter

06 හැවිරිදි පුතුට කිරි සමග වස පොවා මවද සියදිවි නසාගනී

දෙමළ වීම නිසා තමාට හා තම පුතුට නැන්දම්මාගෙන් සිදුවන අපහාස කිරීම් හා තාඩන පීඩන ඉවසා ගත නොහැකිව හා සැමියාගේ බේබදුකම නිසා ඇති වූ සිත් වේදනාවෙන් තම 06 හැවිරිදි පුතුට කිරි සමග වස පොවා මවද වස බී සියදිවි හානි කරගත් බව දිඹුලාගල පිහිටිවැව ගම්මානයෙන් වාර්තා වේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ සත්‍යමේල් නලනී (28) හා 01 වසරේ ඉගෙනුම ලබන වයි.කේ. සෂ්මික (06) නමැති පිරිමි දරුවෙකි. අවුරුදු 03 ක් වයසැති පිරිමි දරුවෙකු පරීක්ෂණ කටයුතු සඳහා පොලොන්නරුව මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

මියගිය මව පෙර විවාහයෙන් දික්කසාද වී වසර 04 කට පෙර ගුණතිලක යන අය සම`ග විවාහ වී තිබේ. වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා පොලොන්නරුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකර වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස පරීක්ෂණය පැවැත් වූ පොලොන්නරුව මහේස්ත්‍රාත් දේවිකා සී. ජයවර්ධන පොලීසියට නියෝග කළාය.

Facebook Comments