free hit counter

“මොහාන් පිරිස්” යළි අගවිනිසුරු කරන්න අලි සබ්‍රිගෙන් යෝජනාවක්

හිටපු අගවිනිසුරු මොහොන් පීරිස් එම තනතුරින් ඉවත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනිව බව අධිකරණ ඇමැති අලිසබ්‍රි මවුලානා පවසනවා.

අගවිනිසුරු ඉවත් කිරීම ජනාධිපතිවරයකුට කැමති ආකාරයට කළ නොහැකි බවත්කළ යුත්තේ පාර්ලිමේන්තුවේ ක්‍රියාවකින් පමණක් බවත් ඔහු කියා සිටියේය. සිදුවූ එම වරද වහා නිවැරදි කළ යුතු බව කී සබ්‍රි මහතා අගමැතිවරයා සමග සාකච්ඡාකර ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බව ද පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2013 වර්ෂයේ ජනවාරි 15 වැනි දා මොහාන් පීරිස් අගවිනිසුරු ධූරයට පත් කළ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වර්ෂයේදී මොහොන් පීරිස්ගේ එම පත්වීම අවලංගු හා බලශූන්‍ය කළේය.

Facebook Comments