free hit counter

රජයේ මාධ්‍ය හමුවට සුද්දියක්

අද පැවති රජයේ මාධ්‍ය හමුවට ලංකාවේ යුනිසෙෆ් නියෝජිතවරිය සහභාගී වී සිටියා. මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ ශ්‍රී ලංකාවේ මාතෘ මරණ ඉහළ යාම පිළිබඳ නිකුත් වී ඇති වාර්තාවක් සම්බන්ධයෙන්.

ඒ අනුව කොරෝනා වසංගතයෙන් මව්වරුන් හා දරුවන්ට ඇතිව ඇති බලපෑම පිළිබඳ අදහස් ප්‍රකාශ කර සිටියා.ඔවුන් ප්‍රකාශ කර සිටියේ යුනිසෙෆ් ආයතනය විසින් කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිවිය හැකි මාතෘ මරණ ප්‍රමාණය පිළිබඳ නිකුත් කරන ලද ඇස්තමේන්තු වාර්තාවක් පදනම් කරගන ලංකාවේ මාතෘ මරණ ඉහළ ගොස් ඇති බව මාධ්‍ය මගින් ප්‍රචාරය වී ඇති බවයි.

නමුත් සත්‍ය වාර්තාවන් පිරික්සා බැලීමේදී පසුගිය වසර සාපේක්ෂව එක මාතෘ මරණයක් පමණක් වාර්තා වී ඇති බවයි.

ඒ අනුව මාධ්‍ය හමුව මගින් අවධාරණය කෙරුනේ වැරදි වාර්තාව උපටා නොදක්වන ලෙසත් එමගින් ලංකාවේ කිර්ති නාමයට හානියක් ඇතිවන බවත්ය. එමෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බව මෙහිදී අවධාරණය කෙරුණා.

Facebook Comments