free hit counter

” විවාහක රූ රැජින කිරුළ යළි පුෂ්පිකා ද සිල්වාට ” සංවිධායක මණ්ඩලය නිවේදනය කරයි

ඊයේ කැරොලයින් ජූරි විසින් ලංකාවේ විවාහක රූ රැජිණ කිරුල පුෂ්පිකා ද සිල්වා ගෙන් ගැලවූ අතර සංවිධායක මණ්ඩලය එම කිරුළ නැවත පුෂ්පිකා ට ලබා දීමට තීරණය කර තිබේ.

ඊයේ රාත්‍රියේ වේදිකාවේදී ප්‍රකාශ කළ පරිදි පුෂ්පිකා ද සිල්වා දික්කසාද වී නොමැති බව ශ්‍රී ලංකා විවාහ රූ රැජිණ තරඟ කමිටුවේ අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා පැවසීය.

විනිශ්චය මණ්ඩලය අවසන් තරගය තෙක් පුෂ්පිකා ද සිල්වා තරඟ කිරීම පිළිබඳව කිසි විටෙකත් ප්‍රශ්නයක් හෝ විරෝධයක් මතු නොකළ බව චන්දිමාල් ජයසිංහ පැවසීය. පුෂ්පිකා ද සිල්වා දික්කසාද වූ බවට කරන ප්‍රකාශයන්ට කිසිදු සාක්ෂියක් නොමැති බවත් තරඟයේ ඇති වූ සිදුවීම හා කැරොලයින් ජූරිගේ සිදුවීම ලංකාවේ විවාහක රූ රැජිණ තරඟය පිළිබඳ අපකීර්තියක් ඇති කළ බව ඔහු පැවසීය.

Facebook Comments