free hit counter

බාල වයස්කාර දැරියකට පෙම්වතෙක් ලබා දුන් 19 හැවිරිදි තරුණියක් ඝාතනය කරයි

බාල වයස්කාර දැරියකට වැඩිමහල් පුගලයෙකු හා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වන ලෙස අනුබල දුන් බව කියන ගලේවල ප්‍රදේශයේ තරුණියක් දැරියගේ පියා විසින් ඝාතනය කර තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ 19 හැවිරිදි තරුණියක්. මියගිය තරුණිය තමන්ට අයත් පොත් කඩයක සිටියදී අරියගේ පියා පැමිණ තියුණු ආයුදයකින් ඇයට පහර දී තිබුණා. ප්‍රතිකාර සඳහා තරුණිය දඹුල්ල රෝහලට රැගෙන යන අවස්ථාවේදී තරුණිය මිය ගොස් තිබුණා.

මෙම සිද්ධිය සම්බන්යෙන් බාලවයස්කර දැරියගේ පියා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මියගිය තරුණිය ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරු හා ළඟම ඥාතීන් බව පොලිසිය කියයි.

Facebook Comments