free hit counter

වාසනාවට ආණ්ඩුවේ නායකත්වය මේ භික්ෂූන් කියන දේ සත පහකට මායිම් කරන්නේ නැත

මේ ආණ්ඩුව විවේචනය කරන ඉහළ පෙළේ භික්ෂූහු නවීන සමාජ-දේශපාලන ගැටලු ගැන කිසිදු බැරෑරුම් අවබෝධයක් ඇත්තෝ නොවෙති. ආණ්ඩුව බලයට ගෙන ඒම සදහා එම භික්ෂූන්ගේ සහය ලබා ගැනීම නිසා එතුමන්ලාගේ තුට්ටු දෙකේ විවේචන ඉවසා සිටීමට ආණ්ඩුවට සිදුවී ඇත.

මේ භික්ෂූන් කොයි තරම් රටේ ලෝකෙ ගැන දැනුමක් නැති පිරිසක් ද යන්න අවබෝධ කරගැනීමට මේ අයගෙන් සමහරු රටේ නම වෙනස් කිරීමට කර ඇති යෝජනා දෙස බැලූ කල පෙනේ. වාසනාවට ආණ්ඩුවේ නායකත්වය මේ භික්ෂූන් කියන දේ සත පහකට මායිම් කරන්නේ නැත. ඡන්ද ව්‍යාපාරවලදී වැදගත් වනවාට වඩා වැඩි ප්‍රයෝජනයක් මේ භික්ෂූන්ගෙන් ගත නොහැකි බව ආණ්ඩුවේ නායකත්වය දනී. අතීතයේ භීක්ෂූන් විසින් ඉෂ්ට කලාවූ බුද්ධිමය කාර්යභාරය ඉෂ්ට කිරීමට පොදුවේ ගත්කල වත්මන් භික්ෂු නායකත්වය අපොහොසත්ය.

Facebook Comments