free hit counter

තමිල්නාඩු මහ ඡන්දය අදයි

කොට්ඨාශ 234 වෙනුවෙන් සභිකයින් තොර පත් කර ගන්නා තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා ජන්දය අද උදෑසන 8.00 ට ආරම්භ වීමට නියමිතයි.

තමිල්නාඩු වැසියන් අම්මා ලෙසින් සලකන ජයලලිතා ජයරාම් හය වතාවක් මහ ඇමති ධුරයේ සිටි අතර 2016 වසරේ ඇයගේ මිය යාමෙන් අනතුරුව ඇගේ ලගින්ම සිටි ශෂිකලා අනුප්‍රාප්තික මහ ඇමතිනිය ලෙස පත් වුවද විෂමාචාර චෝදනා හේතුවෙන් ඇය වසර 4ක සිර දඩුවමකට ලක්ව සිටියි.

ඉන්පසු වර්තමාන මහ ඇමති එඩප්පඩි කේ පලනිස්වාමි AIADMK පක්ෂයේ නායකතත්වයට පත්වන අතර පාලන දිශානතියේ වෙනස්කම් පිලිබඳ ජනතා ඉල්ලීම් මධ්‍යයේ අර්බුධකාරී වාතාවරණයක් තුල මහා ඇමති අපේක්ෂකයා ලෙස ජන්දයට ඉදිරිපත් වී සිටියි.

ජයලලිතාගේ AIADMK පක්ෂයේ දිගුකාලීන විරුද්ධවාදියා වන DMK පක්ෂය මෙවර මහා ඇමති අපේක්ෂකයා ලෙස තෝරා ගන්නේ 2018 දී මිය ගිය එහි ජනප්‍රිය නායක එම්.කරුණානිධි ගේ පුත් ස්ටාලින් ය.

පසුගිය ව්‍යවස්ථාදායක සභා ජන්දයෙන් (2016)ජයලලිතාගේ පක්ෂය ජය ගත්තද ,2019 ලොක් සභා මැතිවරණය පරාජය වීම
එම පක්ෂය ලැබූ දරුණු පසුබෑමකි.

2016 මැතිවරණයෙන් AIADMK ආසන 136 ක් සහ DMK පක්ෂය් ආසන98 ක් ද ලබා ගත් අතර සෙසු පක්ෂ වන භාරතීය ජනතා පක්ෂය සහ කොන්ග්‍රස් පක්ෂය ප්‍රධාන පක්ෂ දෙක සමඟ සන්ධාන ගතව තරග වදියි.

එසේම නව දේශපාලන පක්ෂයක් බිහිකළ ජනප්‍රිය නළු කමල හසන් මක්කම් නීධි මායියම් පක්ෂයෙන් තරඟ බිමට පිවිසෙයි.

ජන්දය ගණන් කිරීම මැයි මස .2 වන දින ආරම්භ වීමට නියමිත අතර එදින හවස ප්‍රතිපල නිකුත් කෙරයි.

ශ්‍රී ලංකාවේ උතුරද මේ දෙස විමසිල්ලෙන් බලා සිටින්නේ තමිල්නාඩු ඉන්දීය බලපෑම ලංකාවේ දේශපාලනයට අයිතිහාසික ව බල පා ඇති සේම මෙවරද එහි බලපෑම සුළුපටු නොවනු ඇත

Facebook Comments