free hit counter

ලියුකේමියාව තිබියදීම ඔලිම්පික් සටනට එන ජපන් පිහිනුම්ශූරිය

“මට එය පුදුමයක්, වගේම සතුටක්..කවුරුත් විශවාස කලේ නැහැ මම ජීවත් වෙයි කියලා,.
අවසානයේ මම මාව නැවත ලබා ගත්තා”

ඇය සමනළියක් මෙන් යෞවනියක් ,වයස අවුරුදු 20 ක් වන රිකාකෝ අයිකි මාස 10 වැඩි කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ බරපතල ලියුකේමියා රෝගී තත්වයකට ගොදුරු වෙමිනුයි.

2018 ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් හතරකින් තම ගෙළ සරසා ගත් ඇය 2018 පෑන් පැසිෆික් තරගාවලියේ දී මීටර් 100 සමනළ ආර තරගයෙන් ද ජය ගන්නේ,ටෝකියෝ ඔලිම්පික් පදක්කමට .තමන් සුදානම් බවට ඉගි පල කරමින්.

2019 වසරේ පෙබරවාරි යේ රෝහල්ගත වන ඇය දෙසැම්බරයේ සුවය ලබන්නේ,
“එය ඇත්තටම ආශ්චර්යක්,මම මරණයට සූදානමින් සිටියේ,අයෙත් මම පාසල් යනවා.මට හැම දෙයක්ම සකසන්න පුළුවන්.”

2024 පැරිස් ඔලිම්පික් තරගය ගැන පමණක් ඉතිරි කළ ඇගේ බලාපොරොත්තුව එළබෙන ටෝකියෝ උළෙලේදී මල් පල ගැන්වෙන්නේ, මීටර 100 සමනළ ආර ඉසව්ව තත්පර 57.77 කින් නිම කරමින් ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවූ ක්‍රීඩිකාවක් ලෙසින්.

එහිදී එම ඉසව්වේ කේවල තරගය වෙනුවෙන් සුදුසුකම් නොලැබුවද මීටර් 100 මෙඩ්ලි සහාය පිහිනුම් ඉසව්වට සුදුසුකම් ලැබූ ඇය,

ඉදිරි සතියේ දී නිදහස් ආර මීටර 50 සහ 100 කේවල ඉසව් වෙනුවෙන් සුදුසුකම් ලැබීමේ තරග වලට පෙනීසිටින්නේ ජපන් ක්‍රීඩා ලෝලීන් මවිතයට පත් කරමින්.

“ඇත්තටම සිදුවුණේ මොකක්ද කියල මට හිතා ගන්න බැහැ.
මේ වගේ දෙයක් මට මගේ ජීවිතේ මීට කලින් දැනිල නැහැ.”

දේවල් කොච්චර අමාරු උනත් තමන් ඒ දේ ලබා ගන්න අධිෂ්ඨානය සහ කැපවීම තමයි මගේ මේ ආශ්චර්යට හේතුව.

හුරුබුහුටි දක්ෂ මේ යෞවනිය,අපේ රටේ ක්‍රීඩාවේ අතරමං වූ බොහෝ යෞවනයින්ට කදිම ආදර්ශයක්.

Facebook Comments