free hit counter

කුලියාපිටියේ බුදු පිළිම වලට හානිකළ ඉන්දියානුවා බන්ධනාගාරයේදී හදිසියේ මියයයි

කුලියාපිටිය ප්‍රදේශයේ බුදු පිළිම වලට හානි කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කළ ඉන්දියානු ජාතිකයා හදිසියේ රෝගාතුරව වාරියපොළ රෝහලට රැගෙන ඒමේදී මියගොස් ඇති බව වාර්තා වෙනවා.

වාරියපොළ බන්ධනාගාරයේ රඳවා සිටියදී ඊයේ (5) රාත්‍රීයේදී හදිසියේ ඔහුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් හටගැනීමෙන් අනතුරුව වාරියපොළ රෝහලට ගෙනවිත් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ ඉන්දියානු ජාතිකයකු වන දිලිප් කුමාර් නමැති 47 හැවරිදි පුද්ගලයෙකි.

Facebook Comments