free hit counter

ගස් කැපීමෙන් ඔක්සිජන් අඩුවෙනවා කීම මිත්‍යාවක් – මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා සඳහන් කරන්නේ ගස් කපා දැමීමෙන් ඔක්සිජන් අඩු වෙනවා යැයි පැවසීම මිත්‍යාවක් බවයි.

ඔහු පෙන්වා දුන්නේ දැනට ලෝකයේ වැඩියෙන්ම කර්මාන්තශාලා ඇත්තේ මැදපෙරදිග සහරා ප්‍රදේශයේ බවත් මැදපෙරදිග ඉතා කලාතුරකින් පාරවල්වල රට ඉදි ගස් ඇති නමුත් ඒ රටේ ජනතාවට හොඳට ඔක්සිජන් ලැබෙන බවත්ය.

මැදපෙරදිග මිනිස්සුන්ට ගස් නැතැයි කියා ඔක්සිජන් නැති බවට ප්‍රශ්නයක් මෙතෙක් මතු වී නැති බව ද ඔහු පවසනවා.

කොළඹ නගරයේ ඔක්සිජන් අඩුවීමක් සිදු වී නැති බවත් ඔහු පැවසීය.

Facebook Comments