free hit counter

මියන්මාර හමුදා ජුන්ටාවට එරෙහිව සටන් කරන මියන්මාර් රූ රැජිණ

22 හැවිරිදි පැසි පන්දු ක්‍රීඩිකාවක්ද වන හැන් ලේ මියන්මාර රූ රැජිණ, ඇය මේ වන විට ලොව පුරා මහත් ඇගයුමට පත්වී ඇත්තේ මියන්මාර හමුදාපාලනයට එරෙහිව ඍජුව සටන් කිරීමට ඉදිරිපත්වීම හේතුවෙන්.

මිලිටරි කුමන්ත්‍රණයක් මගින් බලය අල්ලා ගෙන දැනට හය සියයකට ආසන්න විරෝධතාකරුවන් ඝාතනය කර ඇති මියන්මාරයේ රූ රැජින පසුගිය මාර්තු 29දා පැවැති Miss Grand International 2020 තරඟාවලියේදී මෙසේ කීවාය.

” මියන්මාරයේ ජනයා සිය ගණනින් මරා දැමෙනවා. එය ඉතා කණගාටුදායකයි. අපට ඔබගේ සහාය අවශ්‍යයි. ජනයා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වීදි බහැලයි ඉන්නේ කරුණාකර අපට සහාය වෙන්න.”

මින් මාසයකට පමණ පෙර 22 හැවිරිදි හන් ලේ මියන්මාරයේ විශාලතම නගරය වන යැන්ගුන් හි වීදිවල හමුදාවට එරෙහිව උද්ඝෝෂණයන්ට සෙසු සහෝදර සිසු සිසුවියන් සමඟ සහභාගි වූවාය.

යැන්ගුන් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව සම්බන්ධ උපාධියක් හදාරන හන් ලේ, සිය මව්රට ගැන ජාත්‍යන්තරයේ අවධානය දිනා ගැනීමට සුදුසුම වේදිකාව Miss Grand International 2020 යැයි තීරණය කළාය.

“මියන්මාරයේ මාධ්‍යවේදීන් සිරගත කරලා.. ඉතින් මම කතා කරන්න තීරණය කළා,” යනුවෙන් ඇය අදහස් පළ කර තිබුණි.

“සමාජ මාධ්‍යයෙන් ඔවුන් මට තර්ජනය කරනවා. මම මියන්මාරයට එනවිට සිරගෙදර මා වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා කියලා.” කියනවා හඳු ලේ පවසනවා.

Facebook Comments