free hit counter

උතුරු මැද පළා‍ත් සභාව වෙබ් අඩවියක් හදන්න ලක්ෂ 160 ගෙවලා CID යට පැමිණිල්ලක්

උතුරු මැද පළා‍තේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ අරමුණින් වෙබ් අඩවියක් නිර්මාණය කිරිම සදහා ලබාදුන් රුපියල් ලක්ෂ 160 කට ආසන්න මුදලක් වංචා කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙසත් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් නියම කළේය.

මෙම මුදල 2016 වසරේදි කොන්ත්‍රාත්කරුට ලබාදි තිබේ. එම කාර්ය ඉටුවී නැති බවත් එම මුදලට සිදුවු දෙයක් නොමැති අනාවරණය වී තිබේ.

මුදල් වංචාවක් සිදුකර ඇති බැවින් ඒ පිළිබදව වහාම නීති මගින් කටයුතු කරන ලෙසත් ඊට අමතරව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර එම වංචාව සිදු කළ අයට විරුද්ධව කටයුතු කරන ලෙසත් ආණ්ඩුකාරවරයා නියෝග කර තිබේ.

Facebook Comments