free hit counter

ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ දුරකථන අංක සහ පුද්ගලික දත්ත මිලියන 533 ක් අන්තර්ජාලයට

Facebook පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත මේ වනවිට අන්තර්ජාලයට එකතු වී ඇති බව වාර්තා වන අතර මෙසේ නිරාවරණය වී ඇති බව business Insider වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

නිරාවරණය වූ දත්ත වලට රටවල් 106 කින් මිලියන 533 කට අධික ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ පුද්ගලික තොරතුරු ඇතුළත් වන අතර, එක්සත් ජනපදයේ පරිශීලකයින් මිලියන 32 කට අධික සංඛ්‍යාවක්, එක්සත් රාජධානියේ පරිශීලකයින් මිලියන 11 ක් සහ ඉන්දියාවේ පරිශීලකයින් මිලියන 6 ක් ද ඇතුලත් වේ.

නිරාවරණය වූ දත්ත අතර පරිශීලකයන්ගේ දුරකථන අංක, ෆේස්බුක් හැඳුනුම්පත්, සම්පූර්ණ නම්, ස්ථාන, උපන්දිනය, bio සටහන් සහ email address ඇතුළත් වන බව වාර්තා වේ.

මෙම Leak වූ දත්ත භාවිතා කරමින් අපරාධකරුවන්ට පුද්ගලයින්ගේ පෞද්ගලික තොරතුරු භාවිතා කරමින් ඔවුන්මෙන් ව්‍යාජව පෙනී සිටිය හැකි බව සයිබර් අපරාධ බුද්ධි අංශ ප්‍රධානී Alon Gal පවසයි.

Facebook පරිශීලකයන්ගේ දත්ත අන්තර්ජාලයට කාන්දු වූ පළමු අවස්ථාව මෙය නොවන අතර මීට පෙර කිහිපවතාවක්ම මෙවැනි ගැටළුවලට මුහුණදීමට Facebook සමාගමට සිදුවුණා.

Facebook Comments