free hit counter

පොහොට්ටුවෙන් පොළොන්නරුවෙන් මම දේශපාලනයට එනවා – පුෂ්පිකා ද සිල්වා

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේදී තමන්ට සිදුවූ අපකීර්තිය සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිඥවරුන් අවශ්‍ය නිතිමය ක්‍රියා මාර්ග ගනු ලබනු ඇති බවත් ඉදිරියේදී තමන් දේශපාලනයට සම්බන්ධ වීමට හැකියාවක් ඇති බවත් පුෂ්පිකා ද සිල්වා සඳහන් කරනවා.

අද දිනයේ දී පැවති උත්සවයක දී ඇයට මෙරට තරග සංවිධායකයින් විසින් යලි කිරුළ ලබාදීමට කටයුතු කරනු ලැබුවා.

” මට මේ දේ කරපු සියලු දෙනාටම මම සමාව දෙනවා. දෙවියන් වහන්සේ අපිට ඉගැන්නුවේ කාටවත් වෛර කරන්න එපා කියලයි. මගේ දෙමව්පියන් මාව හැදුවේ ඒ විදිහට. ඒ වගේමයි මම දික්කසාද කාන්තාවකට වුවත් ඉදිරියේදී මෙවැනි තරගවලට සහභාගිවීමට ඉඩක් ලබා දෙන්න කියා හඬක් නගන්න මම කටයුතු කරනවා. මේ අවස්ථාවේදී මා වෙනුවෙන් පෙනී සිටිය සියලු දෙනා වෙනුවෙන් මම ස්තුතිය පුදකරනවා. එමෙන්ම පසුගිය මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා ඉල්ලීම් සිදුකළා ” පුෂ්පිකා ද සිල්වා මෙහිදී සඳහන් කර සිටියා.

Facebook Comments