free hit counter

“සර් ෆේල්” ජගත් වික්‍රමසිංහ ලියු අපූරු සටහන

අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමන් රැකගැනීම වෙනුවෙන් මා කොන්දේසි විරහිතව පෙනී සිටින්නේ කිසිදු තානාන්තරයක් කිසිදු වරප්‍රසාදයක් නොලබා ඉදිරියටත් මේ රට ජාතිය හා ආගම සභ්‍යත්වය නීතිය අනාගතය මතු පරපුරට ඉතුරුකර දීමට සිටින එකම අවංක නායකත්වය නිසාමයි.

ගුණමකු නොවූ ඔබ එතුමන්ට ආශිර්වාද කලයුය්හ්තේ ඔබ අද ජීවත්වන්නේ තිස් අවුරුදු යුද්ධයට නායකත්වයක් ලබා දී රට නිදහස් කරදීම නොවුනානම් තවම බියෙන් හා සැකයෙන් ජීවත් වන්නට සිදුවන්නට ඉඩ නොතැබූ නිසයි.
බොරු මාධ්‍යකාරයින් ගොතන , බොරු අවිනිශ්චිත රටක සිහින චිත්‍රයට රැවටෙන්නෝ , තව දුරටත් සර් ෆේල් , සිස්ටම් ෆේල් , වියත්මග ෆේල් කියමින් චංචල සිත් ඇත්තන් බියවද්දමින් කලකිරීමට පත්කරමින් කරගෙන යන කූට ව්‍යාපාරය පැරදවීමට අපොහොසත් වූවෝ වෙත්.

රට ජාතිය සංස්කෘතිය යනු ෆේල් කතාවෙන් බොහෝ දුර ඇති සංවර්දනයේ යථා ස්වභාවයයි. අනුන් කියන්නන් වාලේ ඔබත් එම බොරු පදය පතුරවන්න එපා. එය දේශද්‍රෝහීන්ට මේ රට නැවත අයහ පාලනය රැගෙන එන්නට මහඟු අවස්ථාවක් වේවි.

ෆේල් මන්ත්‍රය ජප නොකරන්න. නැගී සිටින්න.

කැලෑ කපන කතා බොරු , පොල්තෙල් වස අළුතෙන් ආ වසංගතයක් නොවේ.එය එලිවුනේ දැන්.ඉන්දියාවෙන් එන කටු පොල්තෙල් අවුරුදු ගනනාවක සිටම ඔබ කන්නේ දැනගෙන නොවේ.

කුඩු අල්ලන්නේ දැන්. ඒව ගෙනාවේ 77 විවෘත ආර්ථිකේ එක්ක. මේව අළුත් ලෙඩ නොවේ.

තවම ගෝටාභය සර් ඇවිත් අවුරුදු 1 1/2 ක් පමනයි. ඒ මනුස්සයට මේක කරන්න දෙන්න.
මේ විදේශ දුශ්ඨ බලවේග බලල් අත් ක්‍රියාත්මක වන වේලාවයි.

ඔබ වැටේ සිටවූ ඉන්නක් නොවී ක්ෂනික විසඳුම් ගැන නොසිතා අප රටේ ස්ථිර දීර්ඝ සාර්ථක විසඳුම් කෙරෙහි විශ්වාසය තබන්න.

විශාරද ජගත් වික්‍රමසිංහ

Facebook Comments