free hit counter

සුපිරි නළු විජේ ඉදිරිපත් වූ ඊයේ අවසන් වූ තමිල්නාඩු මැතිවරණය

ඊයේ උදෑසන 8 ට ආරම්භ වූ තමිල්නාඩු මැතිවරණය සවස 7 ට අවසන් වන විට ජන්ද පාවිච්චි කිරීම 71.79 ක ප්‍රතිශතයක් සහිතව අවසන් වූ බව මැතිවරණ කොමසාරිස් වරයා ප්‍රකාශ කළා.

කෝවිඩ් 19 ආසදිත බවට පසුගිය සෙනසුරාදා තහවුරු වූ DMK පක්ෂයේ හිටපු නායක සහ මහ ඇමති එම්.කරුණානිධි ගේ දියණිය මෙන් ම පාර්ලිමේන්තු ලොක් සභාවේ මන්ත්‍රීවරියක් ද වන DMK පක්ෂයේ කාන්තා අංශයේ නායිකා කනිමෝෂි කරුණානිධි සෞඛ්‍ය ආරක්‍ෂිත ඇදුමින් පැමිණ ජන්දය භාවිත කිරීම කැපී පෙනුනා.

ආසාධිතයින් වෙනුවෙන් වෙන් වූ විශේෂ ජන්ද මධ්‍යස්‌ථානයක් තුළ දී තම ජන්දය භාවිත කිරීම ට ජන්ද දායකයින්ට අවථාව උදා වීම කැපී පෙණුනු සිදුවීමක්.

අවසන් පැය කෝවිඩ් 19 ආසධිතයින් වෙනුවෙන් වෙන් වීම හේතුවෙන් සාමාන්‍ය ජන්ද දායකයින් ජන්ද නොදමා පිට ව යාමට සිදු වීමද කැපී පෙනුන සිදුවීමක් උණා.

DMK පක්ෂයෙන් තරඟ වදින දකුණු ඉන්දීය සුපිරි නළු තලපති විජෙයි පා පැදියෙන් ජන්ද පොලට පැමිණීම තෙල් මිල ඉහල යාමය විරෝධය දැක්වීමක් ලෙස දේශපාලන විචාරකයින් පෙන්වා දෙනු ලැබුවා.

DMK මහ ඇමති අපේක්ෂක ස්ටාලින්ගේ පුත් උදයනිධි ජන්දය පාවිච්ච්චි කිරීමේදී ජන්ද සලකුණ තම කමිසය තුල නිරූපණය කල බවට AIADMK පක්ෂය චෝදනා එල්ල කල අතර DMK පක්ෂය ජන්ද මධ්‍යස්ථාන 5ක ජන්දය අවලංගු කරන ලෙස මැතිවරණ කොමසාරිස්ගෙන් ඉල්ලා සිටියා.

චෙන්නායි හි මැතිවරණය සාමකාමී වන විට තවත් ප්‍රදේශ කීපයක සුළු ගැටුම් සහිත සිදුවීම් වාර්තා වුණා .

කෙසේ වෙතත් ප්‍රධාන පක්ෂ දෙකට අමතරව සුපිරි නළු කමල හසන් මහා ඇමති අපේක්ෂකත්වය ඉලා සිටින මක්කල් නීදී මයියම් පක්ෂය ඉතා ඉහල සටනකට අවතීර්ණ තිබුණා.

දශක ගණනාවකට පසු නයිකුරුවාර් සම්ප්‍රදායික ජනතාව ජන්දය් භාවිත කිරීම කැපී පෙනෙන සිදුවීමක් බවට පත් ව තිබුණා .

ජන්දය ගණන ගැනීමේ කටයුතු ජුනි 2 දින ආරම්භ වීමට නියමිතයි.

Facebook Comments