free hit counter

මොයින් අලි ISIS සාමාජිකයෙක් ක්‍රිකට් ලෝකය කැළඹු සටහන

බංගලාදේශ ලේඛිකා තස්ලිමා නස්රීන් තැබූ සටහනක් ක්‍රිකට් ලෝකයේ විවාදාත්මක තත්වයකට ලක්ව තිබේ.
ඇය මේ සටහන තබා ඇත්තේ එංගලන්ත සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලි පාදක කොට ගෙනයි.
මොයින් ක්‍රිකට් ක්‍රීඩා නොකලා නම් ISIS සංවිධානයට එකතු වනු ඇති බව ඇය twitter සටහනක් තබා තිබීම එයට හේතුවයි.

මේ පිළිබඳව පිළිතුරු සටහන තැබූ මොයින් ගේ එංගලන්ත වේග පන්දු සඟයා වන ජෝෆ්රා අචාර් තස්ලිමා ගෙන් විමසා සිටියේ

“ඔබ හොදින්ද මා සිතන්නේ ඔබ හොදින් නොවේ කියයි.”

තස්ලිමා පසුව එය උපහාසාත්මක යන වචනය තුළ නිර්වචනය කළද ආචගේ ඉල්ලීම වුයේ එය මකා දමන ලෙසයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධව හිටපු ක්‍රිකට් ක්‍රීඩක සයිට් බොටම් සටහන් තබා තිබුණේ
“ඔබ සිටින්නේ හොදින් නොවේ.ඔබේ ගිණුම මකා දැමීම තමය් සුදුසුම දේ” ලෙසයි.

Facebook Comments