free hit counter

ප්‍රමිති ආයතනයේ නුෂාඩ් පෙරේරා ස්වාමින් වහන්සේලාට හූ කියා එළවයි

පොරොන්දු වූ පරිදි මහජනතාවට විස කවන ආහාර වර්ග පිළිබඳව තොරතුරු ලබාදෙන බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන සභාපතිවරයා වු නුෂාඩ් පෙරේරා මහා සංඝරත්නයට වූ පොරොන්දුව කඩ කිරීම නිසා උණුසුම් තත්වයක් ප්‍රමිති ආයතන භූමියේ ඇතිවිය.

පොලිසිය පැමිණ තත්ත්වය සමනය කිරීමෙන් පසු ප්‍රමිති ආයතන භූමියට ඇතුළු වීමට ස්වාමින් වහන්සේලාට අවසර ලැබුණු අතර තොරතුරු සඳහන් බවට ලිපියක් පිළිගැන්වීය.

එම ලිපිය මහා සංඝරත්නයේ ඉල්ලන තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ අදහස් විමසීම සඳහා ප්‍රමිති ආයතනය යොමු කළ ලිපියක් වූ අතර එහි ඉල්ලු විස ආහාර සම්බන්ධයෙන් වූ තොරතුරු කිසිවක් ඇතුලත් නොවිය.

ඒ අවස්ථාවේ අදාළ ප්‍රශ්නය එළියෙ විසඳා ගන්නා බව පවසමින් මහා සංඝරත්නය පිටව යෑමට කටයුතු කරද්දී ප්‍රමිති ආයතන සේවකයන් යැයි කියාගන්නා පිරිස් “හු” තැබීමට පටන් ගත්තේය.

Facebook Comments