free hit counter

හමුදාපතිගේ බිරිඳ තෙත් බිම් වනසයි, සත්ත්ව විශේෂ 90 ක් විනාශයි

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අභය භූමියට අයත් කුඹුක්ගහදූව තෙත් බිමෙහි ජෛව විවිධත්වයට හානි වන ආකාරයෙන් පරිසර විනාශයක් සිදුවන බවත් මෙම තෙත්බිම වනසමින් ඉදිකිරීම් වල නිරත වන්නේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ බිරිඳ බව මාධ්‍ය වාර්තා කොට තිබේ.

එම වාර්තා කිරීම්වලට අනුව හමුදාපතිවරයාගේ බිරිඳට අයත් නිවසක් කුඹුක්ගහදූවේ දියවන්නා ඔයට මුහුණලා පිහිටා ඇති අතර එම මායිමේ ඔය අසබඩ පිහිටි කඩොලාන ශාක අඩි 40ක් පමණ දිගට මුළුමනින්ම විනාශ කොට තිබේ.

පරිසර හානි ලෙස ආණ්ඩුවේ මැති ඇමතිවරුන් දකින්නේ මහ රූස්ස ගස් කැපීමක් පමණක් වනබැවින් පරිසර අමාත්‍යවරයා පවා පරිසර හානි ගැන සමාජ මාධ්‍ය තුල කතා කරන අයවලුන් අත්අඩංගුවට ගැනීමේ තැනට පවා පැමිණ ඇත.

හමුදාපතිවරයාගේ බිරිඳ විසින් මෙම වටිනා ජෛව විවිධත්වය විනාශ කරමින් බැම්මක් බැදීම සදහා මේ වනවිටත් කළු ගල් ගෙනවිත් ඇති නමුදු කිසිදු බලධාරියෙකු ඒ පිළිබඳව තැකීමක් නොකොට ඇස් කන් වසාගෙන සිටිනුයේ මෙරට බලපුලුවන්කරයන් හට පරිසර විනාශයට අයිතිය හිමිවී ඇතුවා සේය.

හමුදාපතිවරයාගේ බිරිඳ විසින් විනාශ කර දමන මෙම තෙත්බිම තුළ ක්ෂීරපායි විශේෂ 14ක් කුරුළු විශේෂ 93ක් උරඟ විශේෂ 25ක් මත්ස්‍ය විශේෂ 33ක් උභය ජීවී විශේෂ 10ක් සමනල් විශේෂ 60ක් ජිවත් වන බවට පරිසර විශේෂඥයින් වාර්තා කොට තිබේ.

එම අතරින් එක් ක්ෂීරපායි විශේෂයක්,මත්ස්‍ය විශේෂ 4ක් හා සමනල් විශේෂ 7ක් ශ්‍රී ජයවර්ධනපුර අභය භූමියට අයත් මෙම කුඹුක්ගස් දූව තෙත්බිමට අවේණිකම වී පවතී.

No description available.

Facebook Comments