free hit counter

මහරගම නගරාධිපතිගේ හද කම්පාකරවන අමානුෂික ක්‍රියාව

මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් අමානුෂික ලෙස සුනඛයින්ට සැලකීමට එරෙහිව විරෝධය දැක්වීමේ උද්ඝෝෂණයක් අද (7) සවස 3.00ට මහරගම නගර සභාව ඉදිරිපිටදී සංවිධානය කර තිබේ.

මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන්ගේ අත්තනෝමතික නියෝගය පරිදි අමානුෂික ලෙස සුනඛයින් රැගෙන ගොස් මාකුඹුර කනත්තට දමා ගේට්ටු වසා දමා තිබේ. එම සුනඛයින් කෑමට ආහාර හෝ පානය කිරීමට වතුර නොමැතිව සිටින අතර අදාල සභාපතිවරයා සුනඛයින් රැගෙන ගොස් මාකුඹුර කනත්තට දැමීමට මෙසේ නියෝග කර ඇත්තේ දෙවන වරට බවද වාර්තා වේ.

Facebook Comments