free hit counter

රංජන්ගේ පාර්ලිමේන්තු අසුන හිස්වෙයි, අජිත් මාන්නප්පෙරුමට අවස්ථාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූ බව පාර්ලිමේන්තු මහලේකම් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට දන්වා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නෛතික මතය සහ විධිවිධාන සලකා බැලීමෙන් පසු පාර්ලිමේන්තු මහලේකම්වරයා පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව 9 වන පාර්ලිමේන්තුවේ සාමාජිකත්වය සඳහා ඇති පුරප්පාඩුව පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට දන්වා තිබේ.රංජන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 වන වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම නවතා දමන ලදී.

Facebook Comments