free hit counter

තිලංග සුමතිපාල නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මිලියන ගණනක වංචාවක් කෝප් කමිටුව හෙළිකරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු කෝප් කමිටු රැස්වීමේදී හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල විසින් වංචනිකව අත්සන් කරන ලද ගිවිසුමක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මිලියන ගණනක පාඩුවක් සිදු වී ඇති බව අනාවරණය වුණා.

ඒ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහගේ ගිවිසුම අත්සන් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති අංශයට පරිභාහිර කෞශල්‍ය නම් නීතීඥයෙකු හරහා සිදු කිරීම මගිනුයි. හතුරුසිංහගේ ගිවිසුම පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා සිටියා.

ගිවිසුම අනුව තම ගිවිසුම් කාලයට පෙර ඉවත් කිරීම හේතුවෙන් මිලියන සියයක වන්දියක් චන්දික හතුරුසිංහ වෙත ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවීමට සිදු විය හැකි බව එහිදී අනාවරණය කෙරුණා.

එසේම මෙහිදී සඳහන් කෙරුණේ ක්‍රිකට් ආයතනයේ නීති අංශයට අයත් කටයුතු පරිභාහිර පුද්ගලයන් ලවා කිරීම නීති විරෝධී වංචනික කටයුත්තක් බවයි.

Facebook Comments