free hit counter

පාම් ඔයිල් නැවත්වීම නිසා පිරමිඩ් විල්මාර් ආයතනයට රුපියල් ලක්ෂ 8000ක පමණ අමතර ලාබයක්

සීනි බදු වංචාව හේතුවෙන් පිරමිඩ් විල්මා සභාපතිවරයාට ගෝඨාභය රාජපක්ෂ අනිසි ලෙස ලාබ ඉපයීමට ඉඩ ලබා දුන් බවට චොදනා තිබියදී දැන් නැවත පාම් ඔයිල් තහනම හරහා නැවත එම ආයතනයට රුපියල් ලක්ෂ 8000ක පමණ ලාබයක් ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර අනාවරණය කර සිටි.

“අපි දන්නවා 2020 පොල්තෙල් ආනයනය සම්බන්ධව ගැසට් ගැහුවා 6ක්. අඩු කරනවා, වැඩි කරනවා, අඩු කරනවා, වැඩි කරනා. ඒ මොකද ? මේ ව්‍යාපාරිකයෙකුට වාසි දෙන්න. නැව වරායට කිට්ටු වෙනකොට ගැසට් එකක් ගහනවා පොල්තෙල් අඩු කරලා, මිනිහා ලෝඩ් එක බාගත්තාට පස්සෙ ආයෙ වැඩි කරලා ගහනවා. මේකයි වුණේ දිගින් දිගටම.

මේ එක ජාවාරම්කාරයෙකුට, එහෙම නැත්නම් විශේෂයෙන්ම මේ ඒකාධිකාරයේ ප්‍රධානියා වෙන පිරමිඩ් විල්මාර් සමාගමට ලාබ වෙන්න තමා මේ කටයුත්ත කරන්නෙ.

දැන් මේ වෙලාවෙත් ඒ ගොල්ලො ලාබ ගන්නවා. මේ වෙලාවෙ පොල්තෙල් මෙට්‍රික් ටොන් 8000ක් විතර ඔවුන්ගෙ ගබඩාවෙ තියෙනවා අපට තොරතුරු තියෙන විදියට. දැන් මේ පාම් ඔයිල් නැවැත්වීම හරහා මොකද්ද වෙලා තියෙන්නෙ ? රුපියල් 485ට තිබුණු පොල්තෙල් කිලෝ එක දැන් 580ට 600ට නැගලා. ඔබතුමා පොඩ්ඩක් මෙට්‍රික් ටොන් 8000 බලන්නකො වැඩිකරලා රුපියල් 50000කින් විතර. 50000 නෙවෙයි ලක්ෂයක් විතර එක ටොන් එකකින් ලාබ ලැබෙනවා.

ඒ නිසා පැහැදිලිවම රජයේ නිවැරදි ප්‍රතිපත්තියක් නොතිබීම හරහා තමයි අද මේ ජාවාරම්කාරයො තමන්ට ඕනෙ විදියට වෙළඳපොල හසුරුවන්න, වෙළඳපොල පාලනය කරන්න කටයුතු කරන්නෙ” යනුවෙන් ඔහු සඳහන් කළේ.

Facebook Comments