free hit counter

හිටපු ජනාධිපති අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් පසෙකට දමා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිරගත කිරීමේ උත්සාහයක් තිබෙන බව ගම්පහ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක අජිත් බස්නායක ප්‍රකාශ කරයි.
අගරදගුරු තුමන් විසින් මෑතකදී කළ ප්‍රකාශය කිසිවකුගේ දේශපාලන උවමනාවට කළ ප්‍රකාශයක් බව පෙනෙන බව ද ඔහු සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයට එන බව ප්‍රකාශ කළ සැණින් අගරදගුරුතුමන් මෙවන් ප්‍රකාශයක් කිරීමෙන් මෙය දේශපාලන කුමන්ත්‍රණයක් ඔස්සේ කළ එකක් යැයි පෙනෙන බව ද ඔහු සඳහන් කළේ ය.අද රටේ ඇති ආර්ථික ප්‍රශ්න සමාජ ප්‍රශ්න යට ගැසීම සඳහා කිසියම් දේශපාලන හස්තයක් විසින් අගරදගුරුතුමන් හරහා මෙවන් ප්‍රකාශයක් කර වන්නේ දැයි සැකයක් ඇතැයිද ඔහු කියා සිටියේය.

Facebook Comments