free hit counter

මන්ත්‍රී ජගත් කුමාරට පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් කුණුබිත්තර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාරට පාදුක්ක සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සීතාවක ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් විරෝධයක් එල්ලවුණා.

පාදුක්ක සංවර්ධන කමිටුවේ සභාපති වරයා වන මන්ත්‍රීවරයා මහජන නියෝජිතයන් හෝ රාජ්‍ය නිලධාරීන් නොමැතිව ඒකාධිපති ගමනක් යන බව චෝදනාවක් ලෙස එල්ල වූ අතර එහිදී මන්ත්‍රීවරයා ‘මට ඕනෑ හැටියට තමා මම කරන්නේ’ යනුවෙන් පැවසීමත් සමග සභාව උණුසුම් විය.

සභාවේ වැඩ කටයුතු නවතා දමා පොලිස් ආරක්ෂාව මැද මන්ත්‍රීවරයා පිටව ගිය අතර ඔහු පිටව යද්දී සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හූ කියමින් ඔහුට විරෝධය දක්වමින් ඔහුගේ රථයට බිත්තර ප්‍රහාරයක්ද එල්ල කළේය.

Facebook Comments