free hit counter

උතුරු කොරියාවට ඔලිම්පික් නෑ

උතුරු කොරියාව තම දේශ සීමා වසා දමමින් කොවිඩ් 19 වසංගතය හේතුවෙන් තම ක්‍රීඩකයින් ආරක්ෂා කල යුතු බව පවසමින් ටෝකියෝ ඔලිම්පික් උළෙල ට සහභාගී නොවීමට තීරණය කරයි.
දකුණු කොරියාව සත්කාරකත්වය දැරූ 1988 ගිම්හාන ඔලිම්පික් වර්ජනයෙන් පසු පළමු වතාවට ඔලිම්පික් තරගාවලියක් මෙලෙස අත්හැර දමා තිබේ.
මෙය රටින් පිට වෙනත් රාජ්‍යයන් සමඟ සබදතා තරකර ගැනීමට ක්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට තිබු අවස්ථාව ගිලිහී යාමක් ලෙස බොහෝ රටවල් අර්ථකථනය කර තිබුණා.
2018 ශීත ඔලිම්පික් උළෙල පැවැත්වුයේ දකුණු කොරියාවේ පියෝන්ග් යැන්ග් වලදී වන අතර එහිදී උතුරු කොරියානු නායක
කිම් ජෝන් අන් ගේ සොහොයුරිය වන කිම් යෝ ජෝන් සමාරම්භක උළෙලට සහභාගී වෙමින් දේශ සීමා ඉක්මවීම අන්තර් රාජ්‍ය සුහදත්වය සහ විදේශ ප්‍රතිපත්ති වෙනස්වීම කෙරේ දැඩි ලෙස බලපානු ලැබුවා.
එය අනාගත ඇමරිකානු සහ ද.කොරියානු නායකයන් සමඟ සාකච්ජා ඇරඹීමේ හැරවුම් ලක්ෂය බවටද පත් වුණා.

කෙසේ වෙතත් උතුරු කොරියාව 2019 සිට එම රටවල් සමඟ සබදතා අතහැර දැමුවා.පසුගිය මාර්තු 25 වෙනිදා බැලස්ටික් මිසයිල 2ක් අත්හදා බලමින් නැවත ජෝ බයිඩන් හට අනතුරු ඇඟවීම ද කර තිබුණා .
කෙසේ වෙතත් කොරෝන රෝගීන් කිසිවෙක් නැතයි පවසන වැසුණු උතුරු කොරියාව ගත් මෙම තීරණය අනාගත දේශපාලන ලෝකයේ කුණාටුවක පෙරනිමිත්තක් බව වටහා ගත යුතුය.

Facebook Comments