free hit counter

ඉස්ලාමීය සංවිධාන 11 ක් තහනම්

ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය සංවිධාන 11 ක් තහනම් කිරීමට නීතිපතිවරයා අවසර දී තිබේ.

මෙම සංවිධානවලට ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයද ඇතුළත් වේ.

නීතිපති සම්බන්ධීකරණ නිලධාරි නිෂාරා ජයරත්න පැවසුවේ ඉස්ලාමීය සංවිධාන තහනම් කර ඇත්තේ අන්තවාදී ක්‍රියාකාරකම් සමඟ ඇති සම්බන්ධතා නිසා බවයි.

එක්සත් තව්හීද් ජමාත්, සිලෝන් තව්හීද් ජමාත්, ශ්‍රී ලංකා තව්හීද් ජමාත්, සමස්ත ලංකා තව්හීද් ජමාඅත්, ජමියාතුල් අන්සරිස් සුන්නතුල් මොහමදියා, ධරුල් ආදාර් ජමියුල් ආදාර්, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය ව්‍යාපාරය, ISIL සංවිධානය ,අල්කයිඩා සංවිධානය සේව් ද පර්ල්ස් සංවිධානය එම සංවිධානය ලයිස්තුවයි.

එක්සත් රාජධානිය පදනම් කරගත් සමහර බලගතු සංවිධාන ද ඇතුළුව දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් ගණනාවක් තහනම් කිරීමට මාර්තු මාසයේ රජය ගත් තීරණයට සමගාමිව මෙම පියවර ගෙන තිබේ.

එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය, මැලේසියාව සහ තවත් රටවල් කිහිපයක් පදනම් කරගත් පුද්ගලයින් ගණනාවක් රජය විසින් තහනම් කරන තිබේ.

Facebook Comments