free hit counter

ලෙජන්ඩ්ස් හා ජාතික කණ්ඩායම් අතර තරඟය මැයි 04

ඉන්දියාවේදී පැවැති රෝඩ් සේෆ්ටි ලෙජන්ඞ්ස් ක්‍රිකට් ශූරතාවලියේ අනු ශූරතාව දිනූ ශ්‍රී ලංකා ලෙජන්ඞ්ස් පිල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිල අතර තරගයක් ලබන මැයි මස 4 වැනිදා පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා පැවසීය.

මෙම තරගයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමට ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් සහ දක්‍ෂ තරුණ ක්‍රිඩකයන් ඇතුළත් වන බවත් තරගය නැරඹීමටප්‍රේක්‍ෂකයන්ට අවස්ථාව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරන බවත් අර්ජුන ද සිල්වා පැවසීය.

Facebook Comments