free hit counter

විමල් – චම්පික රහසිගත හමුවක් පිළිබඳ බැසිල්ගෙන් ජනාධිපතිට පැමිණිල්ලක්

විමල් වීරවංශ අමාත්‍යවරයාට එරෙහිව පොදුජන පෙරමුණ තුළින් විරෝධය මතුවී තිබෙන්නේ ඔහු හා පාඨලී චම්පික රණවක අතර සිදුවූ රහසිගත හමුවක් හේතුවෙන් බව වාර්තා වේ.

විමල් චම්පික රහසිගත හමුවක් පිලිබඳ තොරතුරු බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනපතිවරයා වෙතට දැනුම් දී තිබේ.

ගෝඨාභය රාජපක්ෂජනාධිපතිවරයාට පාඨලී චම්පික රණවක සම්බන්ධයෙන් බරපතළ අප්‍රසාදයක් ඇති බවත් ඒ නිසාම මේ වනවිට විමල් වීරවංශ අමාත්‍යවරයා පිළිබඳවද තිබු ප්‍රසාදය පහව ගොස් ඇති බවත් වාර්තා වේ.

මේ හමුව තත්ත්වය ජනපතිවරයා විමල් වීරවංශ අමාත්‍යවරයා ඇතුළු 12 කණ්ඩායමට පොරොන්දු වූ සාකච්ඡාවද නොදීමට හේතුවී ඇති බවද වාර්තා පෙන්වා දෙයි.

Facebook Comments