free hit counter

පක්ෂයෙන් මා ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් තියනවා – නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ධුරයෙන් තමන් ඉවත් කිරීම සඳහා කුමන්ත්‍රණයක් දියත් වන බවත් ඒ පිළිබඳ තමා දන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කියා සිටී.

තමාව පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් කරන ලෙස පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඇතැමුන් ඉල්ලා සිටීම දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව ඔහු සඳහන් කරයි.

එම කුමන්ත්‍රණය පක්ෂ අභ්‍යන්තරයෙන් මෙන්ම බාහිරින්ද ක්‍රියාත්මක වන පෙන්වා දෙන ඔහු එම කුමන්ත්‍රණවලට මුහුණදීමට දේශපාලන හයියක් තිබිය යුතු බවත් එයට මුහුණ දීමට ජනතාව සමග පෙළ ගැසෙන බවත් සඳහන් කරයි.

Facebook Comments