free hit counter

අත්අඩංගුවට ගත් කැරොලයින් ජූරි සමාව ගැනීම ප්‍රතික්ෂේප කරයි

මීට ස්වල්ප මොහොතකට කලින් අත්අඩංගුවට ගත් විවාහක ලෝක රූ රැජිණ කැරොලයින් ජූරි, ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ පුෂ්පිකා ද සිල්වාගෙන් ප්‍රසිද්ධියේ සමාව ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

අද කුරුඳුවත්ත පොලිසියේදී මෙම ගැටළුව වෙනුවෙන් පවතී පැමිණිලි විභායේදී පුෂ්පිකා ද සිල්වා, කැරොලයින් ජුරි විසින් ප්‍රසිද්ධියේ සමාව ගැනීම සිදු කළහොත් සිදුවීම සමතයකට පත්කර ගැනීමට කැමති වී නමුත් ජූරි සමාව ගැනීම ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව, මෙම සිදුවීම සමථයකට පත් නොවූ බැවින් කුරුඳුවත්ත පොලිසිය මගින් කැරොලයින් ජුරි සහ චුල්පද්මේන්ද්‍රා අත්අඩංගුවට ගැනීම සිදු කළේය.

Facebook Comments