free hit counter

මුහුණු පොතේ අසැබි දැන්වීම් දමා විවාහක යුවළ ඇල්ලු මීගමුවේ විධායක නිළධාරියා

මුහුණු පොතේ අසැබි දැන්වීම් වරින්වර පළකර විවාහක කතුන් සහ විවාහක පිරිමින් රැසක් සම`ග සබඳතා පවත්වා රිමාන්ඞ් භාරයේ පසු වූ විධායක නිලධාරියකු දැඩි ඇප කොන්දේසි මත හා ලක්‍ෂ 4 ක ශරීර ඇප මත රිමාන්ඞ් භාරයෙන් මුදා හැරීමට මීගමුව මහේස්ත්‍රාත්වරිය තීන්දුවක් ලබා දුන්නේය.

පුද්ගලයන් වරදට පෙළඹවා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඞ් භාරයේ පසු වී ඇප නියම වූ සැකකරු මීගමුවේ පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියෙකු ලෙස සේවය කරන 45 හැවිරිදි පුද්ගලයෙකි.

විවාහක කතුන්ට සහ විවාහක පිරිමින්ට ආරාධනා රැසක් මුහුණු පොතේ පළවීම සැලකිල්ලට ගත් මීගමුව දිස්ත්‍රික් අපරාධ කොට්ඨාස අංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළේය.

සමාජ ජාලයේ මුහුණු පොතින් පළ වූ දැන්වීම අනුව එහි සඳහන් කළ දුරකථන අංකයට කතා කර ඇත. එහිදී විවාහක යුවළකගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට අවශ්‍ය බව සැකකරුට දන්වා ඇත. අදාළ යුවළට සැකකරු හමුවිය හැකි දිනය වේලාව සහ ස්ථානය පිළිබඳව දැනුම්දී තිබේ. එම දැනුම් දීම අනුව විවාහක යුවළක් ලෙස සැරසුණ පොලිස් නිලධාරියෙකු සහ පොලිස් කොස්තාපල්වරියක් සැකකරු හමුවීමට යවා ඇත. පෙරකළ දැනුම්දීම අනුව සැකකරු මීගමුව කුරණ මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගය අසල පිහිටි භෝජන ශාලාවක් තුළ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

Facebook Comments