free hit counter

කොළඹ වරායට විශේෂ ඔත්තු සේවයක්

කොළඹ වරායේ හමුදා සහ පොලිස් නිලධාරීන්ගෙන් සැදුම්ලත් රාජ්‍ය බුද්ධි සේවයේ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ. දැනටමත් එම නිලධාරීන් වරායේ මෙහෙයුම් ආරම්භ කර ඇත.

කාලාන්තරයක සිට වරායේ සිදුවන දූෂණ, අක්‍රමිකතා සහ විවිධ අකටයුතුකම්වලට තිත තැබීමේ අරමුණින් මෙසේ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් යෙදවීමට කටයුතු කර තිබේ. රාජ්‍ය බුද්ධි සේවයේ ඒකකයක් කොළඹ වරායේ පිහිටු වූ ඉතිහාසයේ පළමු අවස්ථාව ද මෙය වෙයි.

අදාළ බුද්ධි නිලධාරීන් අනාවරණය කරගන්නා කරුණු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ වෙත වාර්තා කිරීමෙන් පසු රජයේ ඉහළම ස්ථරයට කරන දැනුම්දීම් අනුව වැරදි කරන පුද්ගලයන් හා පිරිස්වලට එරෙහිව අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීම මේ අනුව ඉදිරියේදී සිදු වනු ඇත.

Facebook Comments