free hit counter

වීරවංශ, ගම්මන්පිළ ඇතුළු පක්ෂ 11ක් නිදහස් පක්ෂ මූලස්ථානයට

අද(8) ආණ්ඩුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය නොකරන කණ්ඩායමට අයත් පක්ෂ 11 ක් නියෝජිතයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට රැස්වුණා.

ඔවුන් දිගින් දිගටම මේ පක්ෂ 11 රැස්වීම විවිධ පක්ෂ මූලස්ථාන වලට ගෙනගිය අතර මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ රැස්වීම පැවැත්වුණා.

මෙම රැස්වීමේදී වර්තමාන දේශපාලන තත්ත්වය මෙන්ම පළාත්සභා මැතිවරණය පිළිබඳ සාකච්ඡාවක් සිදුව තිබෙනවා. මෙම රැස්වීමේ විශේෂත්වය වූයේ මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම ප්‍රතිසංධාන කටයුතු සිදු කිරීමත් , වීරවංශට එරෙහිව ආණ්ඩුවේ බැසිල් කණ්ඩායමේ ඇති විරෝධයත්ය.

කෙසේ වෙතත් සාකච්ඡාව අවසානයේ සියලු දෙනා තුළ අලුත් පිබිදීමක් පෙනෙන්නට තිබුණා.

ඇමති නිමල් සිරිපාල ද සිල්වා මෙහිදී ප්‍රකාශ කර සිටියේ මැයි දිනය එකමුතුව පවත්වන්නට ද පුළුවන් බවයි.

Facebook Comments