free hit counter

චමල් ..එලියට යන්න

සමාජයේ විශේෂ කතාබහ චමල් ගැනයි.චමල් තමයි හොදම,එයා මහින්ද බැසිල් වගේ නෙමෙයි.හැමෝම කිවේ එහෙමලු.දැන් කියන්නේ චමල් හොදයි,එත් ඔහොම හැසිරුනොත් නම් ඒ ගෞරවය නැති වෙයි.මේ විදිහේ කතා වලින් පිරුණු ඒ සිදුවීම එදා හොද, අද නරක චමල් කෙනෙක් ගැන කතා වෙනවා.
චමල්ගේ දේශපාලන භාවිතය ඉතා මටසිලුටු බවක් පෙනුනත්,එහි අභ්‍යන්තරය වඩා සුක්ෂම බවක් ගැබ්වී ඇති බව වඩා විචක්ෂණශීලී ව බලන්නෙකුට වැටහේ.
චමල්ගේ දේශපාලන භාවිතය නිතරම ලංසු තබන්නේ ඔහුගේ සොහොයුරන්ට සාපේක්ෂව වීම ඔහුට ඇති ප්‍රධාන වාසියයි.
ඔහුගේ කතාබහ කරලියට එන්නේ,ඒ දිනයේ වෙනත් රාජපක්ෂ කෙනෙක් ගැන ජනප්‍රිය සටහනක් නොමත්තේනම් පමණි.
අප මේ ප්‍රස්තුතයේ දී චමල් හුදකලා කළ යුතුය. එවිට රාජපක්ෂ වෙනුවට ඔබට චමල් ව පෙනෙනු ඇත.
1942 වසරේ උප්පත්තිය ලබන චමල් බ්‍රිතාන්‍ය කිරීටයේ උපදින දරුවෙක්.චමලගේ වයස මේ අවුරුද්දේ ඔක්තොබර් 30 වනදාට අවුරුදු 79 කි.
1989 පාර්ලිමේන්තුවට තේරී පත් වන චමල් මුලින්ම ජනවරමක් ඉල්ලන්නේ 1985 මුල්කිරිගල ආසනයෙන්.ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්.
අද වෙනකම් ඔහු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්, අදටත් ඇමතිවරයෙක්.
මහින්ද හිරේ යනවා.බැසිල් අත්අඩංගුවට ගන්නවා.චමල් ට එහෙම උණාද ?
ඒ ඇයි ?
චෝදනා එල්ලා වුනේ වැඩියෙන්ම කාටද?
ජන බලය තිබුනේ වැඩියෙන්ම කාටද ?
මහින්දට එහෙම උනාට,චමල් වෙත අවධානය ඉතාම ලිහිල් .
මාධ්‍ය පසුපස දුවන්නේ නැහැ.
ඒ නිසාම චමල් අහුවෙන්නෙත් නැහැ.
අහුවෙන දවසට චමල් හොයා ගන්නත් නැහැ.
උදාහරණයකින් පැහැදිලි කරන්නම්,
උඩවලවේ වන උද්‍යානයේ අයාලේ යන හරකුන් ගැන ප්‍රශ්නයක්
කතානායක පුටුවේ චමල් ,
ප්‍රශ්නය කාගෙන් ඇහුවත් ප්‍රශ්නයට වග කියන්න ඕනෑ පුද්ගලයා හිටියේ කතානායක පුටුවේ.ඔහු ඉතා සූක්ෂ්මව ප්‍රශ්නයෙන් මග හරිනවා.
“ඇමතිතුමා උත්තර දුන්නා.ඊළඟ ප්‍රශ්නය අහන්න”
මේ දේ වැඩිපුර කවුරුත් ගණන් ගන්නේ නෑ .
ප්‍රශ්නයේ වග උත්තරකරු චමල් .නමුත් ඔහු කාටත් හොරෙන් එය මග හැර යනවා.
ඒ තමයි චමල්.!
ඔබ සිතයි, චමල් එහෙම නම්, ඇයි මේ කුලප්පු චමල් කෙනෙක් එක පාරටම.?
එක වෙන්නේ මෙහෙමයි.මේ වෙලාවේ බලය තියෙන්නේ ගෝඨාභයට.
ඔහු මේ වෙලාවේ ඉන්නේ අර්බුදයක,ජනතාව නිතරම විවේචනය කරනවා.
මීටත් වඩා විවේචන මහින්ද මල්ලිගේ කාලේ තිබුණා.එත් මහින්ද ගෝඨාභය වගේ නෙවෙයි.
ජයග්‍රහණයේදීත් ජනප්‍රියයි.,පරාජයේදීත් ජනප්‍රියයි.
ගෝඨාභය ජයග්‍රහණයේ දී ජනප්‍රියයි.
පරාජයේදී ව්‍යකූලයි,උන්මන්තකයි.
මේ මොහොතේ වයස් අවුරුදු 78 ක ඇමතිවරයෙක් ,ඔහු තුල සිටින පරණ පොලිස් නිලධාරියා බටන් පොල්ලක අතැතිව හමුදාවේ සිටි විරෝධාර රණ ශුරයෙකුගෙන්, “එලියට ගිහින් ගහගන්න” චන්ඩි පාර්ට් දැමීම ජනතාව දකින්නේ කෙසේද?
මේ චමල් ගේ සැබෑව ඔබ දකින එක අවස්ථාවකි.
ඔහු වසා සිටින සලුවට යටින් ඇත්තේ දැන් භීතියකි.
ඒ තම දරුවන් ගැනය.
මහින්ද සිටින තෙක් එහි ගැටළුවක් ඇත්තේ නැත.
නාමල් අගරජු වනවිට ශෂේන්ද්‍ර ළඟම සිටුනු ඇත .
දැන් ඔටුනු පළදින්නට බලා සිටින කුමරුන්ගේ රාජාසනය අවිනිශ්චිතය.
හේතුව,මල්ලි ෆේල් බව රටම දන්නා නිසාවෙනි.
දැන් චමල් ගේ සඟවා සිටි සැබෑ සත්වයා එලියාට පැමිණ තිබේ.
එය,”හිත රිදුණ නම් සමාවෙන්න” වැනි වචන වලින් අවුරුදු 30 පැරණි ඔහුගේ දේශපාලන ඉතහාසයේ ගුප්ත බව සැගවිය හැකි නොවේ.තුනෙන් දෙකක් සිටින ආණ්ඩුවේ මෙවැන්නෙක් මෙලෙස හැසිරීම අහම්බයක් නොවන බව රටම විවිධාකාරයෙන් තේරුම් ගෙන අවසානය.
චමල් “ඉතින් ගහගන්න නෙවෙයි.දේශපාලනෙන් එලියට එන්න”.
අලුත් පරම්පරාවට ඉඩ දෙන්න.
චමල් එලියට යන්න.

සමන්තිලක බණ්ඩාර

Facebook Comments